Skip to contentSipwaruna Digital Literacy Program for Teachers and Parents
Description
Sipwaruna Digital Literacy Program for Teachers and Parents
- එදිනෙදා තාක්ෂණය හා අන්තර්ජාලය භාවිතයේදී ඔබ හා ඔබේ දරුවන් මුහුණ දෙන ගැටලු හා තර්ජන වලින් මිදී දරුවන්ට යහපත් ඩිජිටල් ලෝකයක් නිර්මාණය කිරීමට Digital Literacy වැඩසටහනට සහභාගි වන්න.
- අප කැමති වුණත් නැතත් පරිගණක ස්මාට් දුරකථන හා අන්තර්ජාලය සමාජගත වීම නොවැළැක්විය හැකි කරුණකි.
- කොරෝනා ව්‍යසනය මෙන්ම පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යෑම සදහා පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකථනයක් තුළින් අන්තර්ජාලය තුල සැරිසරන්නට අවස්ථාව සැලසීම කළ යුතුම දෙයකි.
- නිවැරදි ස්වයං පාලනයක් නොමැතිකම හා අවබෝධයක් නොමැතිකම හරහා දරුවන් අකටයුතුකම් වලට යොදවා ගැනීම මෙන්ම ඔවුන්ගේ අනාගතයටත් ජීවිතයටත් හානි පැමිණුනු අවස්ථා සිදු වුණේ අද ඊයේ නොවේ. නමුත් පවතින තත්වයන් තුළ වර්තමානයේ දී එම සිදුවීම් වල වර්ධනය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව නොරහසකි.
- පුවත්පත් හා රූපවාහිනී පුවත් තුළින් මෙවැනි සිදුවීම් පිළිබඳ සීමිත තොරතුරු ප්‍රමාණයක් රට හමුවේ එළිදරව් වුවද, එවැනි සිදුවීම් රාශියක් නිරන්තරයෙන් සිදු වෙමින් පවතී.
- වඩාත් ඛේදනීය තත්ත්වය වනුයේ මේවගෙන් දරුවන් මුදවා ගැනීමට හෝ ස්වයං විනයක් පිළිබඳ දැනුවත් කිරීමට තරම්වත් දැනුමක් දෙමව්පියන්ට නොමැතිකමයි.
- රැකියාවක් අරමුණු කරගෙන පරිගණක අධ්‍යාපනය ලබාදීමට පුද්ගලික පරිගණක අධ්‍යාපන ආයතන මෙන්ම පාසල් පද්ධතිය තුළ විෂය නිර්දේශයක් පැවතුනද එතුලින් දරුවන් සයිබර් අවකාශය තුළ ආරක්ෂා වීමට හෝ සයිබර් අවකාශයේ සදාචාරාත්මක හැසිරීම දැනුවත් කිරීමට එම ආයතන තවමත් අපොහොසත් වී ඇත.
- එ පමණක් තබා නිරන්තරයෙන් ඒ තුළ අපහසුතාවයට ලක් වෙන වැඩිහිටියන්ට ඒවායින් ආරක්ෂා වීමට හා තම දරුවන් ඒ තුළ තුළ ආරක්ෂා කර ගැනීමට දැනටමත් ඇති තාක්ෂණික පහසුකම් හා දැනුම ලබා ගැනීමට අවස්ථාවක් නොමැති වීම දැවැන්ත අර්බුදයකි.
- තත්ත්වය දිගින් දිගටම මෙසේ පැවතිය හොත් නුදුරු කාලයක දීම රටේ දැවැන්ත සංස්කෘතික හා සදාචාරාත්මක පරිහානියකට පත්වීම වැළැක්විය නොහැක.